Friday, October 21, 2016

පොත් ලියන ත්‍රීවීල් ඩ්‍රයිවර්

ජීවිතය සුන්දරය. නමුත් සුන්දරත්වය දකින්නට සුන්දර  හදවතක් තිබිය යුතුය. ක්රෝධය වයිරය අමතක කර, අතීතයෙන්  ඉගෙනගන්නට දන්නා අය ඉතා විරලය. මේ කියන්නේ එවන් විරල පුද්ගලයෙක් පිලිබඳවය.
ඔහුව  බොහෝ දෙනෙකු දන්නේ ඔටෝ චන්ද්රන් ලෙසය. ඔහු ටැක්ෂී රථ රියදුරෙකි. අවුරුදු 50කට වඩා වයසය. ත්රී වීල් එලවන එකෙක් ගැන මොන කතාද ඔබ සිතනු ඇත.
ලියන්නට බොහෝ දේ ඇත. ඔහු ඔබ ගැන ලියා ඇති බැවිනි. ඔබ ගැන කීවේ සමාජය ගැනය.එම්. චන්ද්රකුමාරන් මේ වනවිට පොත් හයක් ලියා පල කර ඇත. ඉතින් යැයි ඔබ නැවත කියනු ඇත. ලෝක් අප් (“Lock Up”) නමින් ඔහු ලියූ එක් නවකතාවක් මේ වනවිට සිනමා පටයකට එකතුවී අවසන්ය. මේ චිත්රපටයේ කියවෙන්නේ තරුණ ටැක්ෂී රියදුරෙකු ලෙස ඔහු පොලීසිය හමුවේ ලැබූ  අම්මනුෂික අත්දැකීමකි.
චිත්රපටය විසාරනායි (Vissaranai) නමින් නම් කර ඇත. එය වෙට්රිමාරන්ගේ (Vetrimaaran) අධ්යක්ෂණයක් වන අතර ධනුෂ් විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇත.
කතාව ඉවර නැත. ළඟ එන ඇකඩමි එවොර්ඩ්ස් 2017 සිනමා උළෙලේ ඉන්දියානු නියෝජනය මෙම චිත්රපටයයි විදේශ භාෂා අංශය  යටතේයි. එය සම්මානයකට පාත් වූවොත්, එය  අයිතිහාසික අවස්තාවක් වනු ඇත.
පොඩ්ඩක් ඉන්න. කියන්න අමතක වුනානේ. මේක හැත්තැ දෙවන වැනීසියානු චිත්රපට උළෙල නියෝජනය කළා. ඉතින්, හිස් අතින් ආවේ නෑ. එහිදී එය ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඉතාලියා (Amnesty International Italia – Horizons)සම්මානය  ගත්ත. කොහොමද වැඩේ. ඇකඩමි එවොර්ඩ්ස් තියෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි. පුලුවන්නම් හොයාගෙන බලන්න.
මොකද කීයන්නේ ලියමුද පොතක්?

No comments:

Post a Comment