ජීවිතය
සුන්දරය. නමුත් ඒ සුන්දරත්වය දකින්නට සුන්දර හදවතක් තිබිය
යුතුය. ක්‍රෝධය වයිරය අමතක කර, අතීතයෙන් ඉගෙනගන්නට
දන්නා අය ඉතා විරලය. මේ කියන්නේ එවන් විරල පුද්ගලයෙක් පිලිබඳවය.
ඔහුව බොහෝ
දෙනෙකු දන්නේ ඔටෝ චන්ද්‍රන් ලෙසය. ඔහු ටැක්ෂී රථ රියදුරෙකි. අවුරුදු 50කට වඩා වයසය. ත්‍රී වීල් එලවන එකෙක් ගැන මොන කතාද ඔබ සිතනු ඇත.
ලියන්නට
බොහෝ දේ ඇත. ඒ ඔහු ඔබ ගැන ලියා ඇති බැවිනි. ඔබ ගැන කීවේ සමාජය ගැනය.එම්. චන්ද්‍රකුමාරන් මේ වනවිට පොත් හයක් ලියා පල කර ඇත. ඉතින් යැයි ඔබ නැවත කියනු ඇත. ලෝක් අප් (“Lock Up”) නමින් ඔහු ලියූ එක් නවකතාවක් මේ වනවිට සිනමා පටයකට එකතුවී අවසන්ය.
මේ චිත්‍රපටයේ කියවෙන්නේ තරුණ ටැක්ෂී රියදුරෙකු ලෙස ඔහු පොලීසිය හමුවේ ලැබූ අම්මනුෂික
අත්දැකීමකි.

